රිටිගල වන සංරක්ෂණ අධි රක්ෂිත ප්‍රදේශයේ මේ දිනවල මහා පරිමාණ වන විනාශයක් - රිටිගල වන සංරක්ෂණ අධි රක්ෂිත ප්‍රදේශයේ මේ දිනවල මහා පරිමාණ වන විනාශයක්

රිටිගල වන සංරක්ෂණ අධි රක්ෂිත ප්‍රදේශයේ මේ දිනවල මහා පරිමාණ වන විනාශයක්

රජටර වන වියන වනසන පිරිස් තවමත් නිදැල්ලේ ..... (දඹුල්ල කාංචන show more

Kakirawa

Kakirawa, Kakirawa, Sri Lanka

This Business has no Posts Yet

Load More

රජටර වන වියන වනසන පිරිස් තවමත් නිදැල්ලේ .....
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

2018.09.28

රජරට වන වියනට වින කරන හැටි .......

කැකිරාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයටත් ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොලගොඩ ගලෙන්බිඳුනුවැව දිවුල්වැව ප්‍රරදේශයේ හුරුළු රක්ෂිතයේ සහ රිටිගල වන සංරක්ෂණ අධි රක්ෂිත ප්‍රදේශයේ මේ දිනවල මහා පරිමාණ වන විනාශයක් සිදුවෙමින් පවතී.
දේශපාලන අධිකාරිය රාජ්‍ය නිලධාරීන් වන සංරක්ෂණ නිලධාරීන් ආදී රාජ්‍ය නිලධාරීන්ගේ දැඩි රැකවරණය මත අක්කර ගණනාවක් මේ වන විට කපා පුළුස්සා වීනාශ කොට තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති.
කැකිරාව ආසනයේ එක්තරා දේශපාලන පක්ෂයක ආසන සංවිධායක වරයෙකුගේ අනුදැනුම මත හා ඔහු ළඟ සේවය කරන මෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්වේච්ඡා සේවකයෙකු ලෙසහබරණ හුරුළු රක්ෂිත උද්‍යානයේ සේවකයෙකු සහ තවත් කණ්ඩායමක් විසින් මේ දිනවල කුලී කම්කරුවන් යොදාගෙන අති විශාල භූමියක් මහ ගණ කැලෑව කපා ගිනි තැබීමේ කටයුතුවල නිරතවන බව ප්‍රදේශවාසීහු පවසති.
මෙම ප්‍රදේශයට වෙනත් පිටස්තර අයෙකුට ගමන් කිරීමට නොහැකි වන පරිදි ප්‍රදේශයේ අවට ඔවුන්ගේ තැරැව්කරුවන් යොදා තිබෙන බව ගම්මානයේ අයෙකු මේ පිළිබඳව පැමිණිල්ලක් හෝ තොරතුරක් රාජ්‍ය නිලධාරීන්ට ලබා දුන හොත් එම අවස්ථාවේ ම දේශපාලන ජාවාරම්කරුවන්ට ඔවුන්ගේ දුරකථන අංක නම් සහිතව ලබා දීම නිසා ප්‍රදේශවාසීන්ද මෙම වන විනාශයට දැඩි බියකින් පසු වෙති.
වන විනාශයන් වලට දැඩිව විරෝධය ප්‍රකාශ කරන පිරිසක් බව සමාජයේ පෙනී සිටිමින් ඉතා රහසිගතව දේශපාලන රැකවරණය මත මෙම වන විනාශය සිදු කරමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.
ඉතා රහසිගත කැමරා ආම්පන්න සමග වෙස් වලාගෙන මෙම රක්ෂිතයට ගිය අපට දැක ගැනීමට හැකි වූයේ රක්ෂිතයේ මහ ගස් මෙන්ම සියලුම ගස් කොළන් කපා බිම දමා ලොකු කුඩා වන සතුන් පවා පුළුස්සා තිබෙන ආකාරයයි. ප්‍රදේශයේ ජනතාව කියා සිටියේ දිවුල් වැව ඉස්මත්තේ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මෙම මහා වන භූමිය වීනාශ කිරීම සඳහා මිනිස් ශ්‍රම දින සියයක් ගතවූ බවය එක් කම්කරුවෙකු හට රුපියල් 1500 බැගින් දිනකට ගෙවා මෙම මහා විනාශය සිදු කළ බවද ඔවුන් රහසිගතව අප සමග පැවසූහ.
මෙම මහා වන විනාශය පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා වන විනාශ වන ස්ථානයේ සිට කිලෝමීටර් කිහිපයක් දුරින් පිහිටි මොලගොඩ අඩවි ආරක්ෂක කාර්යාලයෙන් විමසීමට අප ගියෙමු. එහෙත් එම ස්ථානයේ ජංගම දුරකතන අංකයක් ප්‍රදර්ශනය කොට ස්ථාන භාර නිලධාරීවරුන් බැහැරව ගොස් තිබිණි. එහි සිටි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බව පැවසූ අයෙකු කියා සිටියේ මන්ට කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකි බවත් නිලධාරීන් සියලු දෙනාම විශේෂ රාජකාරි සඳහා පිටත්ව ගොස් ඇති බවය.
ජංගම දුරකථනයක් හෝ නමක්වත් තමන් නොදන්නා බව ද එම සේවකයා පැවසීය.ප්‍රදර්ශනය කර තිබු දුරකථන අංකය අක්‍රිය වී තිබිණි . තමන් වසර දෙකක පමණ කාලයක් මෙම ස්ථානයේ සේවය කළ ද නිලධාරීන් කිසිවෙකුගේ නමක් ජංගම දුරකථනයක් තමන් සතුව නැති බව ද හෙතෙම පැවසීම විශේෂත්වයකි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුනුවැව කොට්ඨාසයටත් කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් මැදි වූ ඉතා වටිනා ම මෙරට වන භූමිය එක් පසෙකින් රිටිගල රක්ෂිතයේ ස්වභාවික ජල උල්පත් අනෙක් පසෙකින් අහස් දියෙන් රැස්කර ගන්නා ජලය ගබඩා කරන කුඩා වැව් පද්ධතියත් අනෙක් පසෙකින් මෙරට අතිශයින් ආරක්ෂිත එල්ලංගා පද්ධතිය විනාස කරමින් සිදු කෙරෙන මෙම මහා වන විනාශය පිළිබඳව බලධාරීන් මෙතෙක් මුනිවත රැකීම නිසා තවත් දින කිහිපයක් ගතවෙද්දී ප්‍රරදේශයේ ජනතාවට බරපතල හානි රැසකට මුහුණ දියහැකි සිදු වන බව ඔවුහු පවසති.

send us a message

[contact-form-7 404 "Not Found"]