SRI LANKA FOREST WATCH
   

වන සංරක්ෂණයේ නිලධාරින් අහක බලා සිටි වවුනියා මහා කැලයේ සිදු කරමින් තිබු මහා වන සම්පත කැපිම හමුදා වැටලිමෙන් අත්අඩංගුවට.

 

වවුනියාවේ මඩු රක්ෂිතයට අයත් සින්නවිලායන්කට්ටු ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණයේ දැව ජාවාරමක් හසුකරගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වෙනි සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් සමත් වී තිබේ.

එම නිලධාරීන් මෙම වන විනාශය පිළිබදව මඩු අඩවි වන නිලධාරී එල්.ඒ.එස්.යාපා මහතාට දැණුම් දීමෙන් පසුව ඔවුන් පැමිණ විශාල ප්‍රමාණයේ දැව කදන් 40 ක් සොයාගෙන තිබේ.

ශ්‍රී ලංකා යුදහමුදාවේ 61 වෙනි සේනාංකයට අයත් නිලධාරීන් පවසන්නේ කාලයක සිට මඩු රක්ෂිත වනය විනාශ කරමින් ඉතා වටිනා දැවවර්ග කපා ප්‍රවාහනය කිරීමේ කණ්ඩායමක් බිහිවී ඇතත් ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට හෝ එම දැව විනාශය නතර කිරීමට නිලධාරීන් පියවර නොගන්නා බවයි.

මේ තත්ත්වය මත දිනෙන් දිනම මඩු රක්ෂිත වනයේ ඉතා වටිනා දැව වර්ග විනාශ වෙමින් පවතින බවද යුද හමුද නිලධාරීන් පෙන්වා දෙයි. ඔවුන් ඉල්ලා සිටින්නේ මෙම මහා පරිමාණයේ දැව විනාශය නතර කොට දැමීමට නිලධාරීන් පියවර ගත යුතුව ඇති බවයි

 
 
Location
 
     
 
   
 
 

 

Name (required):



Web site (without http://):



Message:



Image verification
Please insert value from the image above:

The messages:

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
.. .. ..... ..
         
 
         
                         
                       
                       
 
 
Forest related complain     For complains related to massive forest destructions
   
011- 2 888 999     011-2 872 278
      011-2 872 419
      011-2 873 447